නාවික හමුදාව විසින් මන්නාරම නච්චිකුඩා වෙරළ තීරයෙන් තහනම් දැල් 31 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 25 වන දින මන්නාරම නච්චිකුඩා සිට කුමුලමුනේ වෙරළ තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් ඩිංගි යාත්‍රා තුල තිබී තහනම් දැල් 31ක ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගන්නා ලදි.

ශ්‍රී ලංකාව වටා වූ සාගර කලාපයේ මත්ස්‍ය සම්පත සහ සාගර සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි තවත් එක් දිගුවක් අද මන්නාරම නච්චිකුඩා සිට කුමුලමුනේ දක්වා වන වෙරළ තීරය ආශ්‍රිතව සිදු කරන ලදි. එහිදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් 31ක ප්‍රමාණයක් වෙරළේ නවතා තිබූ ඩිංගි යාත්‍රාවන් තුල තිබී නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කරන ලදි.

එම තහනම් දැල් ඉදිරි විමර්ශන කටයුතු සඳහා කිළිනොච්චිය, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.