නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව, කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය සහ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය එක්ව 2020 පෙබරවාරි 25 වන දින රත්මලාන ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

නාවික හමුදාව, කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය සහ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ කාර්ය මණ්ඩලය එක්ව රත්මලාන ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු පුද්ගලයෙකු සතුව තිබී නීති විරෝධී දුම්වැටි 3600ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්විය. පසුව අදාල දුම්වැටි තොගය සහ සැකකරු අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙම සැකකරු වයස අවුරුදු 46ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචි කරුවකු බව වැඩි දුර විමර්ෂණයේදී කරුණු අනාවරණය කර ගන්නා ලදි. අත් අඩංගුවටගත් සැකකරු සහ නීති විරෝධී දුම්වැටි තොගය සම්බන්ධයෙන් ඉදරි විමර්ශණ කටයුතු කොළඹ සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් කාර්යාංශය මගින් සිදු කරනු ලබයි.