ගංජා හේන් හතරක් (04) නාවික හමුදාව වටලයි.

නාවික හමුදාව 2020 පෙබරවාරි 25 වන දින යාල, බලුගන්තලාව ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් ගංජා හේන් හතරක් (04) සොයා ගැනීමට සමත්විය.

මෙරට මත්ද්‍රව්‍ය ව්‍යසනය මැඩලීම වෙනුවෙන් නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය නිරන්තරයෙන් ලබා දෙමින් සිටින අතර, ඒ සඳහා සිදු කරනු ලබන නිරන්තර සෝදිසි මෙහෙයුම් වල තවත් එක් අධියරක් මෙලෙස යාල, බලුගන්තලාව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදි. එහිදී ඉතා රහසිගත ලෙස වගා කර තිබූ මෙම ගංජා හේන් හතර (04) නාවික හමුදාව විසින් සොයා ගැනීමට සමත්විය. පසුව මේ සම්බන්ධයෙන් කතරගම පොලිස් විශේෂ කාර්ය බළකාය සහ වනජිවී දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලද අතර, එහිදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා නාවික හමුදාව එක්ව අඩි එකත් (01) හයත් (06) අතර උසින් වැවී තිබූ මෙම ගංජා පැළ ගිනිතබා විනාශ කිරීමට කටයුතු කරන ලදි.

තවද මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක‍ටයුතු කතරගම පොලිස් විශේෂ කාර්ය බළකාය සහ වනජිවී දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.