නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් රුවන් පෙරේරා වැඩ භාර ගනී

රියර් අද්මිරාල් රුවන් පෙරේරා අද (2020 පෙබරවාරි 26) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

සම්මාන ආචාර මුරයක් පිරිනමමින් නැගෙනහිර නාවික විධානය වෙත පිළිගත් රියර් අද්මිරාල් රුවන් පෙරේරා වෙත නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ විසින් විධාන මූලස්ථානයේදී එම ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කරන ලදි. නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් රුවන් පෙරේරා වයඹ නාවික විධානය භාර ආඥාපති ලෙස කටයුතු කරන ලද අතර, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ තව නොබෝ දිනකින් නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව ඇත.

ඒ අනුව, නැගෙනහිර විධානය භාර ආඥාපති ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ වෙත නැගෙනහිර නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කරන ලදී.