කේරල ගංජා සමග පුද්ගලයෙක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව සහ සංකානේ සුරාබදු ඒකකය එක්ව 2020 පෙබරවාරි 25 වන දින පේදුරුතුඩුව, තම්බාලෙයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 21 ග්‍රෑම් 510 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය.

මෙරට තුළ සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ එම ජාවාරම් වල නිරත වන ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව තම දායකත්වය නිරන්තරයෙන් ලබා දීමට කටයුතු කර ඇත. ඒ අනුව 2020 පෙබරවාරි 25 වන දින සංකානේ සුරාබදු ඒකකය සමඟ එක්ව පේදුරුතුඩුව, තම්බාලෙයි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරතුර කැලයක් තුල සගවා තිබූ කේරළ ගංජා කිලෝ 21 ග්‍රෑම් 510 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය. තවද මෙහිදී සැක කටයුතු පුද්ගලයෙකු සහ යතුරුපැදියක්ද නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් සැකකරු පලාලි, අන්තෝනිපුරම් ප්‍රදේශයේ පදිංචි කරුවකු බවට හදුනා ගෙන ඇති අතර, අදාල කේරළ ගංජා තොගය, සැකකරු සහ යතුරු පැදිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ෂන කටයුතු සංකානේ සුරාබදු ඒකකය විසින් සිදු කරනු ලබයි.