අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව පුත්තලම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී 2020 පෙබරවාරි 29 වන දින අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත්විය.

මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික කර්තව්‍යයට සහාය දක්වන ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයින තුලට රැගෙන ඒමට උත්සහ කරනු ලබන සහ රට අභ්‍යන්තරය තුළ හුවමාරු වන නිති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානයේ නාවික පුද්ගලයන් පිරිසක් සහ පුත්තලම පොලිසිය එක්ව සිදු කරන ලද තවත් සෝදිසි මෙහෙයමුක් පුත්තලම ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ලද අතර, එහිදී සැක කටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක්කර අදාල නිවසේ තිබී අයිස් (Methamphetamine) නැමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 570 ක් සොයා ගැනීමට සමත්විය. මෙහිදී එක් (01) සැකකරුවෙකුද අත් අඩංගුවට ගන්නා ලදි.

අදාල සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 37 ක් වන පුද්ගලයෙකු බව කරුණු අණාවරණය කරගෙන ඇති අතර, එම සැකකරු සහ අයිස් මත්ද්‍රව්‍ය (Methamphetamine) ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පුත්තලම පොලිසිය විසින් සිදු කරනු ලබයි.