ශ්‍රී ලංකා නාවික තඨාකාංගනය සිය 35 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ත්‍රිකුණාමලය, ශ්‍රී ලංකා නාවික තඨාකාංගනයේ 35 වන සංවත්සරය අදට (2020 මාර්තු 01) යෙදී තිබූ අතර, ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් හරිත ජයදේව ඇතුළු නැව් මුළුව විසින් එම අවස්ථාව අභිමානවත් ලෙස සැමරීමට කටයුතු කරන ලදි.

ඒ අනුව, සම්මාන මුර ආචාරයක් සමග නාවික සම්ප්‍රදායානුකූලව උදෑසන අණදෙන නිලධාරීගේ අංශ පිරික්සීම සිදු කරන ලද අතර, නැගෙනහිර නාවික විධාන‍ය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පවත්වන ලදි. ඒ සඳහා ආයතනයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ද සහභාගි විය.