කේරල ගංජා සමග දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිසිය එක්ව අද (2020 මාර්තු 02) කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගන්නා ලදි.

ඒ අනුව, උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකපුද්ගලයින් පිරිසක් සහ කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (2020 මාර්තු 02) දින කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී මාර්ගයේ ගමන්ගත් සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙක් (02) නිරීක්‍ෂණය කර, වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී සූක්‍ෂම ලෙස ඔවුන් සන්තකයේ සගවා රැගෙන යමින් සිටි කේරළ ගංජා ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සොයා ගන්නා ලදි. ඒ අනුව අදාල සැකකරුවන් දෙදෙනා (02) සහ කේරළ ගංජා ප්‍රමාණය අත්අඩංගුවට ගන්නා ලද අතර, සැකකරුවන් වයස අවුරුදු 21 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට වැඩිදුරටත් තහවුරු කරගන්නා ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා (02) සහ කේරළ ගංජා ග්‍රෑම් 500 ක ප්‍රමාණය පිළිබද වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා කැබිතිගොල්ලෑව පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.