මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 01 වන දින ත්‍රිකුණාමලය, පොඩුවකට්ටු ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී ලෙස මත් ද්‍රව්‍ය විකිණීම සහ ලඟ තබා ගැනීම වැනි කටයුතු මැඩලීම සඳහා නාවික හමුදාව මේවන විට විශාල දායකත්වයක් ලබා දී ඇති අතර, එහි තවත් මෙයෙහුමක් නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය එක්ව ත්‍රිකුණාමලය, පොඩුවකට්ටු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන ලදී. එහිදි මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු යතුරු පැදියක් නිරීක්‍ෂණය කර එය පරික්‍ෂාවට ලක් කිරීමේදී යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා ලඟ තිබී කේරළ ගංජා ග්‍රැම් 40 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර, එහිදී මෙම පුද්ගලයා සමග කේරළ ගංජා ප්‍රමාණය නාවික හමුදා භාරයට ගෙන ඇත.

එම සැකකරු වයස අවුරුදු 34 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, සැකකරු, යතුරුපැදිය සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කුච්චවේලි, පොලීසිය වෙත භාර දිමට කටයුතු කරන ලදී.