ලේ දන්දීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදාවේ දායකත්වය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස ලේ දන්දීමේ වැඩසටහනක් සඳහා දායකත්වය ලබා දීම 2020 මාර්තු 01 වන දින මන්නාරම රෝහලේදී සිදු කරන ලදි.

ඒ අනුව, මන්නාරම රෝහලෙහි රුධිර බැංකුවේ පවතින රුධිර අවශ්‍යතාවය සම්බන්ධයෙන් එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී සිදුකල ඉල්ලීමකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විශාල පිරිසක් මන්නාරම රෝහලෙහි පවත් වන ලද ලේ දන්දීමේ වැඩසටහන සදහා ස්වේච්ඡාවෙන් සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදි.