වෙරළ පරිසර පද්ධතිය සුරක්‍ෂිතව තබා ගැනීමට නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් පානම කළපු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අද (2020 මාර්තු 03) ක්‍රියාත්මක කරන ලදි.

ගිණිකොණ නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරියගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන සඳහා විධානයේ නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගී වූ අතර, ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව තිබූ පානම කලපුවේ සිට පීනට් ෆාම් (Peanut Farm) ප්‍රදේශය දක්වා කි.මී. 3 ක පමණ වෙරළ ප්‍රදේශයක් අපද්‍රව්‍ය වලින් තොර කලාපයක් බවට පත් කිරීමට කටයුතු කරන ලදී.