නාවික හමුදාධිපති ආසියාවේ ජල සුරක්‍ෂිත තාවය සහ ආපදා කළමණාකරණය පිළිබඳ වැඩමුළුවේ ප්‍රධාන දේශණය පවත්වයි.

නාවික හමුදාධිපති වයිස් අදිමිරාල් පියල්ද සිල්වා විසින් අද (2020 මාර්තු 03) කොළඹ හිල්ටන් හෝටලයේ පැවති ආසියාවේ ජල සුරක්‍ෂිතතාවය සහ ආපදා කළමණාකරණය පිළිබඳ වැඩමුළුවේ ප්‍රධාන දේශණය පවත්වන ලදි.

දේශගුණික විපර්යාස හේතුවෙන් දිනෙන් දින අයහපත් අතට හැරෙන විපත් හමුවේ ජලය ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් පැන නගින තර්ජන විශ්ලේෂනය කිරීම මෙන්ම ආපදා කළමණාකරණය ජල පාලනය සඳහා ඒකාබද්ධ කරගන්නා අකාරයද මෙහි ප්‍රධාන අරමුණු අතර විය. මෙහිදී නාවික හමුදාධිපති තුමන් විසින් සිදු කරන ලද දේශනය ජල සුරක්‍ෂිතතාවය සහ ආපදා කළමණාකරණය සඳහා ශ්‍රී ලංකාවෙන් උගත හැකි පාඩම් සහ වඩාත් සුදුසු පිළිවෙත් යන කරුණු පාදක කර ගනිමින් පවත්වන ලදි.

East West ආයතනය, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක අධ්‍යන ආයතනය, දකුණු ආසියානු චින්තකයින්ගේ සම්මේලනය, කළාපීය ව්‍යාපෘති බළශක්ති ආරක්‍ෂාව සහ දේශගුණික විපර්යාස පිළිබඳ ආසියා පැසිෆික් සංවිධානය යන ආයතනයන් විසින් මෙම වැඩමුළුව සංවිධානය කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා නාවික නිලධාරීන් ක්‍ෂ්ත්‍රයේ ප්‍රවීණයින් ඇතුළු මේ පිලිබඳව උනන්දුවක් දක්වන පාර්ශව කරුවන් රැසක් එක්ව සිටින ලදි.