වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති ආසියාවේ ජල සුරක්‍ෂිත තාවය සහ ආපදා කළමණාකරණය පිළිබඳ වැඩමුළුවේ ප්‍රධාන දේශණය පවත්වයි.

නාවික හමුදාධිපති වයිස් අදිමිරාල් පියල්ද සිල්වා විසින් අද (2020 මාර්තු 03) කොළඹ හිල්ටන් හෝටලයේ පැවති ආසියාවේ ජල සුරක්‍ෂිතතාවය සහ ආපදා කළමණාකරණය පිළිබඳ වැඩමුළුවේ ප්‍රධාන දේශණය පවත්වන ලදි.

03 Mar 2020

ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2020/1(JCET) ත්‍රිකුණාමලයේදී ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද යුධ හමුදාව එක්ව ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2020/1 (Joint Combined Exchange Training 2020/1) 2020 මාර්තු මස 02 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.

03 Mar 2020

වෙරළ පරිසර පද්ධතිය සුරක්‍ෂිතව තබා ගැනීමට නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් පානම කළපු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අද (2020 මාර්තු 03) ක්‍රියාත්මක කරන ලදි.

03 Mar 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දියානු නාවික හමුදාව අතර පැවති නව වන (09) නාවික හමුදා මාණ්ඩලික සාකච්ඡාව සාර්ථකව අවසන්වෙයි.

ඉන්දියානු නාවික හමුදා සහකාර නාවික මාණ්ඩලික ප්‍රධානී මෙන්ම විදේශ කටයුතු සහ බුද්ධි ප්‍රධානී රියර් අද්මිරාල් අතුල් ආනන්ද් (Atul Anand) ඇතුළු නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දියානු නාවික හමුදාව අතර නව වන නාවික හමුදා මාණ්ඩලික සාකච්ඡාව පැවැත්වීම සඳහා අද (2020 මාර්තු 03) නාවික හමුදා මූලස්ථානය වෙත පැ‍මිණෙන ලදි.

03 Mar 2020

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’ (SHADHINOTA) නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’ (SHADHINOTA) නෞකාව අද (2020 මාර්තු 03) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

03 Mar 2020

රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ සිය වසර 35 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2020 මාර්තු 03) විශ්‍රාම යන ලදී.

03 Mar 2020