කපිතාන් තුෂාර උඩුගම ශ්‍රී ලංනානෞ ‘පරාක්‍රමබාහු’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු අධිතාක්‍ෂණ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රමබාහු’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් තුෂාර උඩුගම 2020 මාර්තු 03 වන දින වැඩ භාර ගන්නා ලදී.

නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කපිතාන් නලින්ද්‍ර ජයසිංහ විසින් නව අණදෙන නිලධාරී වෙත නිල වශයෙන් අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් ත්‍රිකුණාමලය, නාවික තඨාකංගන පරිශ්‍රයේදී භාර දීමට කටයුතු කරන ලදි. අභිනව අණදෙණ නිලධාරි විසින් අංශ පිරික්සුමක් පවත්වා නැව් මුලුව ඇමතීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු නිමාවට පත් විය.

මෙම උත්සව අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ද සහභාගී විය.