පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරී නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක අද (2020 මාර්තු 04) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක් සඳහා සහභාගී වන ලදි.

නිල හමුවක් සදහා අද (2020 මාර්තු 04) නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක නාවික සම්ප්‍රදායානුකූලව නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගත් අතර, එතුමන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි පළමු අවස්ථාව ලෙස මෙය සනිටුහන් විය.

මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරී සමග වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරතවූ අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.