හෙරොයින් සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ මන්නාරම, දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 මාර්තු 03 වන දින මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙරටින් තුරන් කිරීමේ අරමුණින් යුතුව කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත. ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින්, මන්නාරම, දිසා දූෂණ මර්ධන ඒකකය හා එක්ව ක්‍රියාත්මක කල තවත් මෙහෙයුමක් මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැති අතර, එහිදී සැක කටයුතු ලෙස රැඳි සිටි පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර ඇත. පසුව ඔහු පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඔහු සතුව තිබී මිලිග්‍රෑම් 170 ක පමණ හෙරොයින් ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, ඒ අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට පත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බව හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු සහ හෙරොයින් ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මන්නාරම, දිසා දූෂණ මර්ධන ඒකකය විසින් සිදු කරනු ලබයි.