ඉන්දියාවේ සවුදි අරාබි තානාපති කාර්යා‍ලයේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පිළිබඳ ආරක්‍ෂක උපදේශක නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ඉන්දියාවේ සවුදි අරාබි තානාපති කාර්යා‍ලයේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පිළිබඳ ආරක්‍ෂක උපදේශක මාණ්ඩලික බ්‍රිගේඩියර් ජෙනරාල් නවාෆ් ටී ඇලොටයිබි අද (2020 මාර්තු 04) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක් සඳහා සහභාගී වන ලදි.

ඒ අනුව, නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි මාණ්ඩලික බ්‍රිගේඩියර් ජෙනරාල් නවාෆ් ටී ඇලොටයිබි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් උණුසුම් ලෙස පිළගන්නා ලදි. එසේම නාවික හමුදාධිපති විසින් මාණ්ඩලික බ්‍රිගේඩියර් ජෙනරාල් නවාෆ් ටී ඇලොටයිබි සමග වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරතවූ අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදි.