නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගයෙකු (01) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 04වන දින යාපනය, කල්මුණේ තුඩුවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදි.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සිදුවන නීති විරෝධී කටයුතු මැඩලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් මුර සංචාර ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ අනුව 2020 මාර්තු 04වන දින රාත්‍රියේ උතුරු නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක් විසින් කල්මුණේ තුඩුවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. එහිදී ඔහු විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 930 ක්, ඩිංගි යාත්‍රාවක් (01) සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 25 ක් වන යාපනය, පූනකරි ප්‍රදේශයේ පද්ංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, අදාල සැකකරු, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා වෙලනි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.