නාවික හමුදා සහයෙන් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙක් (03) නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව 2020 මාර්තු 04 සහ 05 යන දිනයන්හි පුත්තලම ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත් අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙරටින් තුරන් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර සොදිසි මෙහෙයුම් දියත් කරනු ලබන අතර, ඒ අනුව වයඹ නාවික විධානයට අයත් නාවික පුදගලයින් පිරිසක් හා පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව 2020 මාර්තු 04 සහ 05 යන දිනයන්හි පුත්තලම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කල සෝදිසි මෙහෙයුමකදී සැක සහිත නිවාස තුනක් පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී අදාල නිවාසයන්හි සිටි පුද්ගලයින් පරීක්‍ෂා කිරීමේදී ඔවුන් සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 151කට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්වී ඇති අතර, පසුව එම පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 28 ත් 31ත් අතර වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචි කරුවන් බව හදුනාගෙන ඇති අතර, අදාල සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පුත්තලම පොලීසිය විසින් සිදු කරනු ලබයි.