වැදගත් සිදුවීම්
බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’ (SHADHINOTA) නෞකාව දිවයිනෙන් පිටත්ව යයි.
![](../assets/images/news/event_news/front_img/202003052245.jpg)
2020 මාර්තු 03 වන දින දිවයිනට පැමිණි බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’ (SHADHINOTA) නෞකාව අද (2020 මාර්තු 05) දිවයිනෙන් පිටත්ව යන ලදී.
05 Mar 2020
නාවික හමුදා සහයෙන් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙක් (03) නීතියේ රැහැනට
![](../assets/images/news/event_news/front_img/202003052230.jpg)
නාවික හමුදාව සහ පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව 2020 මාර්තු 04 සහ 05 යන දිනයන්හි පුත්තලම ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත් අඩංගුවට ගැනීමට සමත්වී ඇත.
05 Mar 2020
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගයෙකු (01) නාවික හමුදා බාරයට
![](../assets/images/news/event_news/front_img/202003051600.jpg)
නාවික හමුදාව විසින් 2020 මාර්තු 04වන දින යාපනය, කල්මුණේ තුඩුවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදි.
05 Mar 2020
නාවික හමුදාව දියත් කල අති සාර්ථක මෙහෙයුමකින් ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ ධීවර යාත්‍රාවන් දික්ඕවිට ධීවර වරායට සේන්දු වෙයි.
![](../assets/images/news/event_news/front_img/202003051230.jpg)
ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවන් යොදවා ශ්‍රි ලංකාවේ සිට නාවික සැතපුම් 600 (ක්‍රි.මී 1111) පමණ දුරක සිදුකල සාර්ථක මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගන්නා ලද කෝටි 600කට ආසන්න මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාවන් අද (2020 මාර්තු 05) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එන ලදි.
05 Mar 2020
පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 88ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට
![](../assets/images/news/event_news/front_img/202003051140.jpg)
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 04 වන දින මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගන්නා ලදි.
05 Mar 2020