2020 මාර්තු 04 වන දින ශ්රී ලංකාවට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘යරොස්ලව් මඩ්රි’ (Yaroslav Mudry) සහ ‘වික්ටර් කොනෙට්ස්කි’ (Victor Konetsky) යන නෞකාවන් සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (2020 මාර්තු 06) කොළඹ වරායෙන් පිටත් විය. එහිදී, ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදායානුකූලව එම නෞකාවන් වෙත සමුදීම සිදු කරන ලදී.