නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ ‍මෙයෙහුම් මගින් හෙරෝයින් සමඟ පුද්ගලයන් සිව් දෙනෙක් (04) අත් අඩංගුවට,

නාවික හමුදාව ‍සහ ත්‍රිතුණාමලය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 මාර්තු 06 වන දින ක්‍රියාත්මක කල ඒකාබද්ධ මෙහෙයුමක් මගින් අවස්ථා දෙකකදී (02) හෙරොයින් සමඟ පුද්ගලයින් සිව් දෙනෙක් (04) අත් අඩංගුවට ගැනීමට සමත්විය.

මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික කර්තව්‍යයට උරදෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරය හරහා මෙරටට රැගෙන ඒමට උත්සහ කළ මත්ද්‍රව්‍ය මෙන්ම රට අභ්‍යන්තරය තුළ හුවමාරු වන මත්ද්‍රව්‍ය වැටලීමේ සාර්ථක මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව සිදු කරන ලද තවත් මෙහෙයුමක් නැගෙනහිර නාවික විධානයේ නාවිකයින් පිරිසක් සහ ත්‍රිතුණාමලය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව ත්‍රිකුණාමලය ප්‍රදේශය කෙන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදි. එහිදී, කොඩ්බේ ධීවර වරාය ඉදිරිපිට මාර්ගයේ ගමන් ගත් සැක සහිත ත්‍රීරෝද රථයක් නීරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 1720 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ අතර, චීන වරාය අසල මාර්ගයක ගමන් ගත් තවත් සැක සහිත පුද්ගලයින් දෙදෙනෙක් පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඔවුන් සතුවද තිබී හෙරෝයින් මිලිග්‍රෑම් 820කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව අදාල පුද්ගලයින් සිව් දෙනා (04). මත් ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2540කට ආසන්න ප්‍රමාණය සහ ත්‍රීරෝද රථය අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

එසේම, මෙම සැකකරුවන් වයස අවුරුදු 26 ත් 60ත් අතර පසුවන ක්‍රීකුණාමලය සහ චීන වරාය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව අනාවරණය කරගත් අතර, අත් අඩංගුවට ගත් එම සැකකරුවන් සිව් දෙනා (04), ත්‍රීරෝදරථය සහ හෙරෝයින් ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා උප්පවේලි සහ චීන වරාය යන පොලිස් ස්ථානයන් වෙත භාර දීට කටයුතු කරන ලදි.