නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 06 වන දින යාපනය, කල්මුණේ තුඩුවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සිදුවන නීති විරෝධී කටයුතු මැඩලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් මුර සංචාර ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ අනුව 2020 මාර්තු 06 වන දින රාත්‍රියේ උතුරු නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක් විසින් යාපනය, කල්මුණේ තුඩුවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. එහිදී ඔවුන් විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 602 ක්, ඩිංගි යාත්‍රාවක් (01), කිමිදුම් උපකරණ ඇතුළු අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් යාපනය, සෙට්ටිපුලම් සහ මුලන්කාවිල් ප්‍රදේශයන්හි පද්ංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, අදාල සැකකවන්, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සහ කිමිදුම් උපකරණ ඇතුළු අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා වෙලනි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.