වැදගත් සිදුවීම්

ඉන්දු-ලංකා අන්න්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරමින් සාර්ථකව අවසන්වූ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කතෝලික බැතිමතුන් විසින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් අද (2020 මාර්තු 07) උදෑසන නිමාවට පත් විය.

07 Mar 2020

රාජකීය ඔස්ට්‍රේලියා නාවික හමුදාවේ පැරමැටා නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි.

රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් පැරමැටා (HMAS Parramatta) නෞකාව අද (2020 මාර්තු මස 07) කොළඹ වරායට ‍සේන්දු වූ අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

07 Mar 2020

රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් විනොග්‍රොදෝව්’ (Admiral Vinogradov) නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

රුසියානු නාවික හමුදාවට අයත් අද්මිරාල් විනොග්‍රොදෝව් (Admiral Vinogradov) නෞකාව අද (2020 මාර්තු 07) කොළඹ වරායට ‍සේන්දු විය. සිව්දින (04) සුහද සංචාරයක් සදහා පැමිණි මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.

07 Mar 2020

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 06 වන දින යාපනය, කල්මුණේ තුඩුවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

07 Mar 2020

නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ ‍මෙයෙහුම් මගින් හෙරෝයින් සමඟ පුද්ගලයන් සිව් දෙනෙක් (04) අත් අඩංගුවට,

නාවික හමුදාව ‍සහ ත්‍රිතුණාමලය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 මාර්තු 06 වන දින ක්‍රියාත්මක කල ඒකාබද්ධ මෙහෙයුමක් මගින් අවස්ථා දෙකකදී (02) හෙරොයින් සමඟ පුද්ගලයින් සිව් දෙනෙක් (04) අත් අඩංගුවට ගැනීමට සමත්විය.

07 Mar 2020