රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් විනොග්‍රොදෝව්’ (Admiral Vinogradov) නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

රුසියානු නාවික හමුදාවට අයත් අද්මිරාල් විනොග්‍රොදෝව් (Admiral Vinogradov) නෞකාව අද (2020 මාර්තු 07) කොළඹ වරායට ‍සේන්දු විය. සිව්දින (04) සුහද සංචාරයක් සදහා පැමිණි මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.

දිගින් මීටර් 162.8 ක් වන මෙම නෞකාව නිලධාරීන් සහ නාවිකයන් 350ක‍ට ආසන්න නැව් මුළුවකින් සමන්විතය. සිව් දින (04) නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකටද සහභාගී වීමට නියමිතය.

ඒ අනුව සංචාරය නිමා කිරීමෙන් අනතුරුව 2020 මාර්තු 10 වන දින ‘අද්මිරාල් විනොග්‍රොදෝව්’ (Admiral Vinogradov) නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.