සැක කටයුතු යාත්‍රාවක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 06 වන දින ගාල්ල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල හදිසි මෙහෙයුමකදී සැක කටයුතු යාත්‍රාවක් නාවික හමුදා බාරයට ගන්නා ලදි.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සිදුවන නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටින අතර, ඒ අනුව 2020 මාර්තු 06 වන දින දකුණු නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක් විසින් ගාල්ල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල හදිසි මුර සංචාරයකදී සැක කටයුතු යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී එහි තිබී තේ කොළ ඇසිරීම සඳහා භාවිතා කරන ලද සැක කටයුතු හිස් පොලිතීන් බෑගයක් සොයා ගැනීමට සමත් වී ඇත. මෙම මෙහෙයුම සඳහා නාවික හමුදා සුනඛ සංචිතයේ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම සම්බන්ධයෙන් පුරුදු පුහුණු කරන ලද සුනඛයෙකු යොදා ගන්නා ලද අතර, අදාල සුනඛයා විසින් මෙම බෑගය සොයා ගැනීමට සමත් විය.

පසුව මත් ද්‍රව්‍ය බහාලීම සඳහා අදාල බෑගය භාවිතා කර ඇති බවට ඇති වූ සැකය මත අදාල යාත්‍රාව සහ එහි ගමන්ගත් පුද්ගලයින් වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා ඇල්පිටිය පොලිස් අපරාධ විමර්ශණ අංශය වෙත භාරදීමට කටයුතු කරන ලදි.