මුරුන්කන් පුරාණ විහාරස්ථානයේදී පැවති ආශිර්වාද සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනය සඳහා නාවික හමුදා දායකත්වය

ශ්‍රී ලංකාවේ සහ ලෝකවාසී ජනතාවට ආශිර්වාද පතා සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනාවක් 2020 මාර්තු මස 07 වන දින මුරුන්කන් පුරාණ විහාරස්ථානයේදී මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පවත් වන ලදි

මෙම පිරිත් ශ්‍රවණය කිරීමට මන්නාරම් දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ක්‍රිස්තියානි‚ මුස්ලිම්‚ දෙමළ පූජ්‍ය පක්ෂය පැමිණිම විශේෂත්වයක් විය. එසේම මෙම පුණ්‍ය කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ලලිත් දිසානායකගේ අධීක්‍ෂණය යටතේ විධානයේ නාවික පුද්ගලයින් විසින් සිය දායකත්වය ලබා දීමට කටයුතු කළ අතර, එය විහාරාධිපති පූජ්‍ය වල්පොල සරණ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රශංසාවටද ලක් විය. .

එසේම නාවික හමුදාව‚ යුධ හමුදාව සහ පොලීසියේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන්‚ නාවිකයන් සහ සෙබළුන් විශාල පිරිසක් පිරිත් සඡ්ඣායනය ශ්‍රවණය කිරීම සහභාගී වන ලදී.