රාජකීය ඔස්ට්‍රේලියා නාවික හමුදාව සහ ශ්‍රීලංකා නාවික හමුදාව අතර සුහද ක්‍රිකට් තරගාවලියක්

සිව්දින (04) නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් පැරමැටා (HMAS Parramatta) නෞකාවේ නාවික පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර අද (2020 මාර්තු 09) සුහද ක්‍රිකට් තරඟයක් පවත් වන ලදි.

ඒ අනුව, වැලිසර නාවික හමුදා කදවුරේදී පවත්වන ලද මෙම ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන ලද දෙරටේ ක්‍රීඩකයන් ඉතාමත් උනන්දුවෙන් හා උද්යෝගයෙන් යුතුව තම ක්‍රීඩා කෞශල්‍යයන් විදහා පාමින් ක්‍රීඩාවෙහි නිරත වන ලද අතර, මෙය දෙරටේ ක්‍රීඩා කණ්ඩායම් වලට නැවුම් අත්දැකීමක් ගෙන දෙන්නක් විය. එසේම තරඟය අවසානයේ දෙරටේ ක්‍රීඩකයින් සමූහ ඡායාරූපයකටද පෙනී සිටින ලදි.