වැදගත් සිදුවීම්

දේශීය ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (2020 මාර්තු 09) තණමල්විල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී දේශීය ගංජා කිලෝ 1 ග්‍රෑම් 700 ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්විය.

09 Mar 2020

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් තවත් කැස්බෑ පැටවුන් 78 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මගින් තවත් කැස්බෑ පැටවුන් 78 දෙනෙක් සාගරයට මුදා හැරීම අද (2020 මාර්තු 09) සිදු කරන ලදි.

09 Mar 2020

ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මාර්තු 08 වන දින කොටහේන නගරයේ සිදු කළ වැටලීමකදී ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් (01) අත්අඩංගුවට ගන්නා ලදි.

09 Mar 2020

රාජකීය ඔස්ට්‍රේලියා නාවික හමුදාව සහ ශ්‍රීලංකා නාවික හමුදාව අතර සුහද ක්‍රිකට් තරගාවලියක්

සිව්දින (04) නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් පැරමැටා (HMAS Parramatta) නෞකාවේ නාවික පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර අද (2020 මාර්තු 09) සුහද ක්‍රිකට් තරඟයක් පවත් වන ලදි.

09 Mar 2020

මුරුන්කන් පුරාණ විහාරස්ථානයේදී පැවති ආශිර්වාද සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනය සඳහා නාවික හමුදා දායකත්වය

ශ්‍රී ලංකාවේ සහ ලෝකවාසී ජනතාවට ආශිර්වාද පතා සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනාවක් 2020 මාර්තු මස 07 වන දින මුරුන්කන් පුරාණ විහාරස්ථානයේදී මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පවත් වන ලදි

09 Mar 2020