මුහුදේ ගිලෙමින් සිටි පුද්ගලයෙක් නාවික හමුදාව විසින් බේරා ගැනේ

නාවික හමුදාව විසින් 2020 මාර්තු 09 වන දින කැලිඩෝ මුහුදු තීරයේ ගිලෙමින් සිටි පුද්ගලයෙකුගේ දිවි බේරා ගන්නා ලදි.

කැලිඩෝ මුහුදු තීරයේ දිය නාමින් සිටියදී මෙම පුද්ගලයාව සැඩ පහරට හසුවී දියේ ගසාගෙන යමින් සිටියදී, එම වෙරළ තීරයේ ජීවිතාරක්‍ෂක රාජකාරී සඳහා අනුයුක්ත කර සිටි නාවික හමුදා ජීවිතාරක්‍ෂක නාවිකයින් විසින් කඩිනමින් ක්‍රියාත්මක වී එම පුද්ගලයාව නිරුපද්‍රිතව බේරා ගෙන ගොඩබිම වෙත රැගෙන විත් මූලික ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කරන ලදි.

මෙසේ ‍බේරා ගනු ලැබු පුද්ගලයා දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වැඩිදුරටත් අනාවරණය කරගන්නා ලදි .