වැදගත් සිදුවීම්

රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් විනොග්‍රොදෝව්’ (Admiral Vinogradov) නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

මෙම මස 07 වන දින දිවයිනට පැමිණි රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් විනොග්‍රොදෝව්’ (Admiral Vinogradov) නෞකාව අද (2020 මාර්තු 10) දිවයිනෙන් පිටත්ව යන ලදී.

10 Mar 2020

ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංවිධානයේ නියෝජිතයින් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව පවත්වනු ලබන තවත් පාඨමාලාවක් ත්‍රීකුණාමලයේදී

එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයට අනුබද්ධ ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංවිධානයේ නියෝජිතයින් වෙනුවෙන් පවත්වනු ලබන නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ තවත් එක් පාඨමාලාවක් 2020 මාර්තු 09 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ පුහුණු පාසලේදී ආරම්භ විය.

10 Mar 2020

කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය.

නාවික හමුදාව සහ පොලිසීය එක්ව 2020 මාර්තු 09 වන දින කැබිතිගොල්ලෑව, කහටගොල්ලෑව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලදි.

10 Mar 2020

මුහුදේ ගිලෙමින් සිටි පුද්ගලයෙක් නාවික හමුදාව විසින් බේරා ගැනේ

නාවික හමුදාව විසින් 2020 මාර්තු 09 වන දින කැලිඩෝ මුහුදු තීරයේ ගිලෙමින් සිටි පුද්ගලයෙකුගේ දිවි බේරා ගන්නා ලදි.

10 Mar 2020