SLT Zecro One Awards for Digital Excellence 2018/19 තරඟාවලියෙන් නාවික හමුදාවට විශිසඨ ජයග්‍රහණයක්.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් තුන්වන (03) වරට සංවිධානය කරන ලද SLT Zecro One Awards for Digital Excellence 2018/19 තරඟාවලිය සඳහා සහභාගී වූ නාවික හමුදා කණ්ඩායම විසින් රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන අංශය යටතේ ජයග්‍රහණයන් හිමි කර ගැනීමට සමත් විය.

රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන් රැසක සහභාගීත්වයෙන් පවත්වන ලද මෙම SLT Zecro One Awards for Digital Excellence 2018/19 තරඟාවලිය සඳහා නාවික හමුදාවේ කොරතුරු තාක්‍ෂණ අංශය නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගී විය. ඒ අනුව තරඟාවලියේ රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන අංශය යටතේ පවත්වන ලද තරඟ අතුරින් හොඳම ඩිජිටල් මාධ්‍ය ආයතනය (Best Digital Media Agency)ලෙස නාවික හමුදා කණ්ඩායම ජයග්‍රහණය හිමි කර ගන්නා ලද අතර, හොඳම ඩිජිටල් සක්‍රීය නිෂ්පාදනය/ සේවාව (Best Degital enabled service/product) යන කාණ්ඩයේ තෙවන ස්ථානයද හිමි කර ගැනීමට සමත් විය.

නාවික හමුදාවේ තොරතුරු තාක්‍ෂණ අංශය යටතේ පවතින පිටු සැකසුම් ඒකකය සහ මෘදුකාංග සංවර්ධන ඒකකය මගින් මෙම ජයග්‍රහණයන් ලබා ගැනීම සඳහා ඇප කැපවී කටයුතු කරන ලද අතර, තොරතුරු තාක්‍ෂණ අංශය ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටින නාවික හමුදාව මීට පෙරද, ‘LK Domain Registry’ ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවිය තේරීමේ තරගාවලිය වන ‘Best Web 2019” තරඟාවලියේද රාජ්‍ය අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය.