ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව තානාපති ගරු ඕමාර් අබ්දුල් රසාක් (Omar Abdul Razzak) මහතා නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව තානාපති ගරු ඕමාර් අබ්දුල් රසාක් (Omar Abdul Razzak) මහතා 2020 මාර්තු 11 වන දින නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක් සඳහා සහභාගී වන ලදි.

නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි මාලදිවයින් නව තානාපතිවරයා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් උණුසුම් ලෙස පිළගන්නා ලදි. එසේම නාවික හමුදාධිපති විසින් තානාපතිවරයා සමග වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරතවූ අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදි.