දික්ඕවිට ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

දික්ඕවිට, ධීවර වරාය අසල ඇති කන්ටේනර් බහාලුම් අංගනයක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා 2020 මාර්තු 11 වන දින නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

ඒ අනුව, දික්ඕවිට, ධීවර වරාය අසල ඇති කන්ටේනර් බහාලුම් අංගනයක හදිසි ගින්නක් හට ගෙන ඇති බව වත්තල පොලිසිය මගින් නාවික හමුදාව වෙත කල දැනුම්දීමකට අනුව බටහිර නාවික විධානයට අයත් ගිනි නිවීමේ කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානය වෙත යැවීමට කටයුතු කරන ලදී. ඒ සඳහා ගිනි නිවීමේ රථයක් ඇතුළුව නාවික පුද්ගලයින් පිරිසක් අනුයුක්ත කරන ලද අතර, එහිදී ප්‍රදේශවාසින්ගේ ද සහාය ඇතිව නාවික හමුදා ගිනි නිවිමේ ඒකකය ගින්න නිවා දැමීම‍ට කටයුතු කරන ලදී.

තවද, රට තුල ඇතිවන ඕනෑම හදිසි තත්වයකදී පෙරමුණ ගෙන කටයුතු කරන ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, ඕනෑම ව්‍යසනයකදී මහජනතාවට සහන සැලසීමට නිරන්තර සුදානමින් සිටි.