පකිස්තානු මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් අතිගරු මොහොමඩ් සාද් ඛටාක් ‘Muhammad Saad Khattak’ නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ශ්‍රී ලංකාවේ පකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ මහකොමසාරිස්, විශ්‍රාමික මේජර් ජෙනරාල් අතිගරු මොහොමඩ් සාද් ඛටාක් ‘Muhammad Saad Khattak’ අද (2020 මාර්තු 12) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදි.

ඒ අනුව, නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි ශ්‍රී ලංකාවේ පකිස්තානු මහකොමසාරිස්වරයා උණුසුම් අයුරින් නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලදි. මෙහිදී පකිස්තානු මහකොමසාරිස්වරයා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා සමඟ වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරතවූ අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදි.