කේරළ ගංජා ලඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 මාර්තු 11 වන දින පුත්තලම, තිලාඩියාගම ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක් අතරතුර කේරළ ගංජා ග්‍රෑම් 10 ක ප්‍රමාණයක් සමග සැකකරුවෙක් (01) අත්අඩංගුවට ගැනීමට සමත්විය.

මතින් තොර රටක් ගොඩනැගීමේ ජාතික මෙහෙවර සඳහා සිය සක්‍රීය දායකත්වය නිරන්තරයෙන් ලබා දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ලබයි. එහි තවත් එක් මෙහෙයුමක් වයඹ නාවික විධානයේ නාවිකයින් පිරිසක් විසින් පුත්තලම පොලිසිය සමග එක්ව 2020 මාර්තු 11 වන දින පුත්තලම, තිලාඩියාගම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කර ඇත. එහිදී සැක සහිත නිවසක් නිරීක්‍ෂණය කර වැඩිදුර පරික්‍ෂා කිරීමේදී කේරළ ගංජා ග්‍රෑම් 10 ක් සමග සැකකරුවෙකු (01) අත් අඩංගුවට ගන්නා ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 46 ක් වන පුත්තලම, රත්මල්ගහයාය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට අනාවරණය කරගන්නා ලදි. සැකකරු සහ කේරළ ගංජා ග්‍රෑම් 10 පිළිබද වැඩිදුර විමර්ෂණ කටයුතු පුත්තලම පොලිසිය මගින් සිදු කරනු ලබයි.