‘INNOTECH – 2020’ ප්‍රදර්ශණය සඳහා නාවික හමුදා දායකත්වය

INNOTECH – 2020’ ප්‍රදර්ශණය හෝමාගම පිටිපන නවෝත්පාදන හා තක්‍ෂණ දැනුම් නගර පරිශ්‍රයේදී 2020 මාර්තු මස 11 වන දින ආරම්භ වූ අතර, ඒ සඳහා නාවික හමුදා ප්‍රදර්ශණ කුටියක් සහ නාවික ප‍ර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නව නිපැයුම්‍ රැසක් ප්‍රදර්ශණය නැරඹීම සඳහා පැමිණෙන්නන් හට දැක බලා ගැනීමට අවස්ථාව ලබාදී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය‍, ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය හා අනෙකුත් රාජ්‍ය නවෝත්පාදන සහ තාක්‍ෂණික ආයතනයන් ඒකාබද්ධව සංවිධානය කරන ලද INNOTECH – 2020’ ප්‍රදර්ශණය හෝමාගම පිටිපන නවෝත්පාදන හා තාක්‍ෂණ දැනුම් නගර පරිශ්‍රයේදී 2020 මාර්තු මස 11 වන දින ආරම්භ කරන ලදි. මෙම ප්‍රදර්ශණය සඳහා නාවික හමුදා ප්‍රදර්ශණ කුටියක් ස්ථාපිත කර ඇති අතර, එහිදී නාවික ප‍ර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නව නිපැයුම්‍ දැකබලා ගැනීමට මෙන්ම නාවික හමුදාව සිදුකරනු ලබන තැලසීමියා ව්‍යාපෘතිය සහ ප්‍රති ආශ්‍රිත ජල පිරිපහදු යන්ත්‍ර නිශ්පාදනය හා ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙන්ම නාවික හමුදාව පිළිබඳව තොරතුරු , ප්‍රදර්ශණය නැරඹීම සඳහා පැමිණෙන්නන් හට දැක ලබා ගැනීමට සහ දැනුම ලබා දීමට නාවික හමුදාව අවස්ථාව උදා කර දී ඇත.

පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු නව නිපැයුම් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සිළුදෙනාටම මෙම ප්‍රදර්ශණය මගින් දැනුම් සම්භාරයක් ලබා ගැනීමට හැකිවන අතර, ප්‍රදර්ශණය 2020 මාර්තු මස 14 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත.