ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති අතිගරු එම්. අෂ්රෆ් හයිදාරි ‘M Ashraf Haidari’ උතුරු නාවික විධානයේ සංචාරයක.

ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති, අතිගරු එම්. අෂ්රෆ් හයිදාරි ‘M Ashraf Haidari’ 2020 මාර්තු 12 වන දින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වන ලදි.

ඒ අනුව, උතුරු නාවික විධානය වෙත පැමිණි ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපතිවරයා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඇෆ්ගනිස්ථානු තානාපතිවරයා සමඟ වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරතවන ලදි. උතුරු නාවික විධාන ආඥාපති විසින් ප්‍රදේශයේ සිවිල් සමාජයේ ජීවන තත්වය නංවාලීම සඳහා නාවික හමුදා දායකත්වය සහ නීති විරෝධී ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් සඳහා සිදු කරන දායකත්වය පිළිබඳ ඇෆ්ගනිස්ථානු තානාපති දැනුවත් කිරීමෙන් පසු තානාපතිතුමන් එය ඇගයීමට ලක් කරන ලදි. එමෙන්ම දෙරටේ යුධමය අත්දැකීම් හුවමාරු කරගැනීමේ හැකියාවක් ඇති බවටද තානාපතිතුමන් විසින් පවසන ලදි. මෙම හමුව සඳහා උතුරු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර සහ ඇෆ්ගනිස්ථානු තානාපති අතිගරු එම්. අෂ්රෆ් හයිදාරි ‘M Ashraf Haidari’ අතර සමරු තිළින හුවමාරුවක්ද සිදු කරන ලදි

තවද, ඇෆ්ගනිස්ථානු තානාපතිවරයා සහ පැමිණි පිරිස ඩෙල්ෆ්ට් දූපත සහ නාගදීප විහාරය වෙතද සංචාරය කරන ලද අතර, ඇෆ්ගනිස්ථානු තානාපති අතිගරු එම්. අෂ්රෆ් හයිදාරි ‘M Ashraf Haidari’ විසින් නාගදීප විහාරයේ ස්ථාපිත කෞතුකාගරය නරඹා එහි සමරුසටහනක්ද තබන ලදි.