මුලතිව්, වඩ්ඩුවාකල් වෙරළ තීරයේ තිබී පැති බෝම්බයක් නාවික හමුදා භාරයට

මුලතිව්, වඩ්ඩුවාකල් වෙරළ තීරයේ තිබී 2020 මාර්තු 14 වන දින පැති බෝම්බයක් නාවික හමුදාව විසින් තම භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සාගර පරිසරය සුරක්‍ෂිත කිරීමේ අරමුණින් නිරන්තරයෙන් වෙරළ පිරිසිදු කිරීම් කටයුතු සිදු කරනු ලබයි. ඒ අනුව 2020 මාර්තු 14 වන දින නැගෙනහිර නාවික විධානයේ නාවිකයින් පිරිසක් මුලතිවු, වඩ්ඩුවාකල් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර, එහිදී වෙරලේ තිබී පැති බෝම්බයක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

තවද, නාවික හමුදා භාරයට ගත් මෙම පැති බෝම්බය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නාවික හමුදා භාරයේ තබාගැනීමට කයුතු කරන ලදි.