මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැලක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 14 වන දින යාපනය කෝකිලායි වෙරළ තීරයේ සිදු කල පාමුර සංචාරයකදී වෙරළේ නවතා තිබූ රෝද තුනක් සහිත යතුරු පැදියක තිබී මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැලක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාව වටා වූ සාගර කලාපයේ මත්ස්‍ය සම්පත සහ සාගර සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 මාර්තු 14 වන දින යාපනය කෝකිලායි වෙරළ තීරයේ සිදු කල පාමුර සංචාරයකදී වෙරළේ නවතා තිබූ රෝද තුනක් සහිත යතුරු පැදියක් පරීක්‍ෂා කිරීමේදී එහි තිබී නිති විරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැලක් සොයා ගැනීමට සමත් වී ඇත.

ඒ අනුව, නාවික හමුදා භාරයට ගන්නා ලද තහනම් දැල ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුල්මුඩේ පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.