කේරළ ගංජා සමග දෙදෙනෙක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 15 වන දින කෝනේශ්වරම් වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික භාරයට ගැනීමට සමත් විය.

මත් ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ ජාතික මෙහෙවර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරනු ලබයි. ඒ අනුව, 2020 මාර්තු 15 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් කෝනේශ්වරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයක නිරතවීමේදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර ඇත. එහිදී එම ඩංගි යාත්‍රාව පිළිබඳ වැඩිදුර පරීක්‍ෂාවේදී එහි තිබී කේරළ ගංජා ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 109 ක්, මත්පැන් බෝතල් (මිලිලීටර් 750) 03 ක් සහ බීර කෑන් (මිලිලීටර් 330) 09 ක් සොයා ගත් අතර, එහි සිටි සැකකරුවන් දෙදෙනෙක් සමග මෙම මත්ද්‍රව්‍ය හා ඩිංගි යාත්‍රාව නාවික භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 38 වන වියෙහි පසුවන ත්‍රිකුණාමලය සහ කින්නියා යන ප්‍රදේශවල පදිංචි කරුවන් බවට කරුණු අණාවරණය කර ගන්නා ලද අතර, සැකකරුවන් දෙදෙනා (02) , ගංජා සමග මත්ද්‍රව්‍ය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.