නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ ‍මෙයෙහුමක් මගින් හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට

නාවික හමුදාව ‍සහ ත්‍රිතුණාමලය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 මාර්තු 15 වන දින ක්‍රියාත්මක කල ඒකාබද්ධ මෙහෙයුමක් මගින් හෙරොයින් සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත්විය.

මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික කර්තව්‍යයට උරදෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරය හරහා මෙරටට රැගෙන ඒමට උත්සහ කළ මත්ද්‍රව්‍ය මෙන්ම රට අභ්‍යන්තරය තුළ හුවමාරු වන මත්ද්‍රව්‍ය වැටලීමේ සාර්ථක මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව සිදු කරන ලද තවත් එක් මෙහෙයුමක් නැගෙනහිර නාවික විධානයේ නාවිකයින් පිරිසක් සහ ත්‍රිතුණාමලය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව ත්‍රිකුණාමලය සුමේධගම ප්‍රදේශය කෙන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදි. එහිදී, සැක සහිත පුද්ගලයෙකු පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඔහු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 660කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය. ඔහු එම හෙරොයින් ප්‍රමාණය අලෙවි කිරීමට සූදානම් කර තිබියදී මෙලෙස සොයා ගෙන ඇති අතර, ඒ අනුව, අදාල පුද්ගලයා සහ හෙරොයින් ප්‍රමාණය අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙම සැකකරු වයස අවුරුදු 41 වන එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බවට හදුනා ගෙන ඇති අතර, අත් අඩංගුවට ගත් එම සැකකරු සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමලය පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.