ශ්‍රීලංනානෞ ශක්ති නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් ගජිත් ප්‍රියන්ත වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන ශ්‍රීලංනානෞ ශක්ති නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් ගජිත් ප්‍රියන්ත අද (2020 ජනවාරි 16) වැඩ භාර ගන්නා ලදී.

නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කපිතාන් සුජීව වීරසූරිය විසින් ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කරන ලදි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා සහභාගී වූ අතර නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව වැඩ භාර ගැනීමේ උත්සවය නිමාවට පත් විය.