නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකු (01) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 16) යාපනය, විනයාසෝඩ් මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදි.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සිදුවන නීති විරෝධී කටයුතු මැඩලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් මුර සංචාර ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව උතුරු නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක් අද (2020 මාර්තු 16) යාපනය, විනයාසෝඩ් මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. එහිදී ඔහු විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 175 ක්, ඩිංගි යාත්‍රාවක් (01) සහ අනෙකුත් ධීවර ආම්පන්න ද නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 25 ක් වන යාපනය, පල්ලිකුඩා ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, අදාල සැකකරු, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා යාපනය, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.