නාවික හමුදාව විසින් ත්‍රිකූණාමලය දුම්රිය ස්ථානයේත් විෂබීජ හරණ කටයුතු සිදු කරයි.

‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 18) ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙහි විෂබීජ හරණ කටයුතු සිදු කරන ලදි.

කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ පූර්ණ උපදෙස් මත මේ වන විට වැඩසටහන් රැසක් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරමින් සිටිනු ලබයි. ඒ අනුව, දුමිරිය මගී ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අද (2020 මාර්තු 18) ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් නැගෙනහිර නාවික විධානයේ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් විෂබීජ හරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. මෙහිදී ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය තුල සහ දුම්රිය මැදිරි ඇතුලත විෂබීජ හරණය කිරීම නියමිත ක්‍රියා පටිපාටියට අනුව විධිමත්ව සිදු කරන ලදි.

මෙම කෙරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මෙවැනි විෂබීජ හරණ වැඩසටහන් ඉදිරියටත් සිදු කිරීමට නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටී.