වැලිසර නාවික හමුදා සංකීර්ණයේ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය සදහා මුල්ගල තබයි .

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා ගේ සංකල්පයකට අනුව වැලිසර නාවික හමුදා සංකීර්ණයේ ගෘහස්ථ ක්‍රිඩා සංකීර්ණය සදහා මුල්ගල තැබිම අද (2020 මාර්තු 18) සුභ මොහොතින් සිදු කරනු ලැබීය.

නාවික හමුදා ක්‍රීඩා සංචිතයන්හි ප්‍රගමනය උදෙසා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් සහ උපදෙස් මත වැලිසර නාවික හමුදා සංකීර්ණයේ ඉදි කිරීමට නියමිත ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණය සඳහා මුල් ගල තැබීම අද (2020 මාර්තු 18) සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී වූ අතර, මහ සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ මුල් ගල තැබීම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් සිදු කරන ලදි.

මෙම අවස්ථාව සදහා බටහිර නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් සුමිත් විරසිංහ,අධ්‍යක්ෂ ජනරාල් සේවා රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල ඇතුළු නාවික හමුදා අධ්‍යක්ෂ ජනරාල්වරුන් බටහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහභාගි වන ලදී.