බලපත්‍ර රහිත පිටත දහන යන්ත්‍රයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු මස 17 වන දින මන්නාරම, වන්කාලෙයිපාඩු ප්‍ර‍‍දේශයේ සිදු කරන ලද ‍මෙහෙයුමකදී බලපත්‍ර රහිත පිටත දහන යන්ත්‍රයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් කටයුතු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් මන්නාරම, වන්කාලෙයිපාඩු ප්‍රදේශයේ සිදු කරනු ලැබූ මෙහෙයුමකදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලද අතර, එහිදී එම ධීවර යාත්‍රාවේ තිබූ පිටත දහන යන්ත්‍රය සඳහා වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධි ලෙස භාවිතා කරන යන්ත්‍රයක් බවට නිරීක්‍ෂණය වූ අතර, එම පිටත දහන යන්ත්‍රය සහ ඩිංගි යාත්‍රාව සමග පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙ‍ලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 29 ක් වන පේසාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කර ගත් අතර, පිටත දහන යන්ත්‍රය, ඩිංගි යාත්‍රාව සමග පුද්ගලයින් දෙදෙනා (02) ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පේසාලෙයි, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.