දේශීය ගිණි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 මාර්තු 18) පොතුවිල්, රොට්ටායි ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී දේශීය නිශ්පාදිත තුවක්කුවක් සමඟ සැකකරුවෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීමේ ජාතික කර්තව්‍ය සඳහා තම නිරන්තර දායකත්වය ලබා දීමට කටයුතු කරයි. ඒ අනුව, ගිණිකොන නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහ සස්ත්‍රවේලි පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව අද (2020 මාර්තු 18) පොතුවිල්, රොට්ටායි ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී සැක කටයුතු පුද්ගලයෙකු නිරික්‍ෂණය කර ඇති අතර,. එහිදී එම පුද්ගලයා වැඩිදුර පරික්‍ෂාවට ලක් කිරීමේදී ඔහු සතුව තිබී බලපත්‍ර නොමැති දේශීය නිශ්පාදිත තුවක්කුවක් (01), ජීවී පතුරමක් (01), හිස් පතුරම් 10ක්, වේඩි බෙහෙත් ග්‍රෑම් 30 ක පමණ ප්‍රමාණයක්, යකඩ බෝල 12ක් සහ තවත් දඩයම් කිරීම සඳහා යොදා ගන්නා උපකරණ කිහිපයක් සොයා ගැනීමට සමත් විය. ඒ අනුව අදාල සැකකරු සමග එම තුවක්කුව ,පතුරම්, වේඩි බෙහෙත්, යකඩ බෝල ඇතුළු උපකරණ අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරු වයස අවුරුදු 25 ක් වන පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගන්නා ලද අතර, අදාල සැකකරු. කොටන තුවක්කුව, පතුරම්, වේඩි බෙහෙත්, යකඩ බෝල ඇතුළු උපකරණ ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොතුවිල් පොලිසිය වෙත භාර දෙන ලදී.