වැදගත් සිදුවීම්

දේශීය ගිණි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 මාර්තු 18) පොතුවිල්, රොට්ටායි ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී දේශීය නිශ්පාදිත තුවක්කුවක් සමඟ සැකකරුවෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

18 Mar 2020

බලපත්‍ර රහිත පිටත දහන යන්ත්‍රයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු මස 17 වන දින මන්නාරම, වන්කාලෙයිපාඩු ප්‍ර‍‍දේශයේ සිදු කරන ලද ‍මෙහෙයුමකදී බලපත්‍ර රහිත පිටත දහන යන්ත්‍රයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

18 Mar 2020

වැලිසර නාවික හමුදා සංකීර්ණයේ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය සදහා මුල්ගල තබයි .

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා ගේ සංකල්පයකට අනුව වැලිසර නාවික හමුදා සංකීර්ණයේ ගෘහස්ථ ක්‍රිඩා සංකීර්ණය සදහා මුල්ගල තැබිම අද (2020 මාර්තු 18) සුභ මොහොතින් සිදු කරනු ලැබීය.

18 Mar 2020

නාවික හමුදාව විසින් ත්‍රිකූණාමලය දුම්රිය ස්ථානයේත් විෂබීජ හරණ කටයුතු සිදු කරයි.

‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 18) ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙහි විෂබීජ හරණ කටයුතු සිදු කරන ලදි.

18 Mar 2020

නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය වැලිසර හොකී පිටියේදී නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය 2020 මාර්තු මස 15 වන දින සිට 17 වන දින දක්වා වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ හොකී ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී. ඒ සඳහා සියළු නාවික විධානයන් නියෝජනය කරමින් හොකී කණ්ඩායම් සහභාගී වූ අතර, ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 කට අධික පිරිසක් සහභාගිවී සිටින ලදි.

18 Mar 2020

නීති විරෝධී මත්පැන් නිශ්පාදනය කළ ස්ථානයක් නාවික හමුදාව වටලයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 16 වන දින, පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මත්පැන් නිශ්පාදනය කරණු ලබන ස්ථානයක් සහ ඒ සඳහා භාවිතා කරන උපකරණ තොගයක් සොයා ගැනීමට සමත් විය.

18 Mar 2020

තහනම් දැල් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව 2020 මාර්තු 17 වන දින හම්බන්තොට ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී තහනම් දැල් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට සමත් විය.

18 Mar 2020

ත්‍රිකූණාමලය බස්නැවතුමෙහි විෂබීජ හරණ කටයුතු සිදු කිරීමට නාවික හමුදා දායකත්වය

‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 17 වන දින ත්‍රිකුණාමලය නගරයේ බස් නැවතුම් පොලෙහි විෂබීජ හරණ කටයුතු සිදු කරන ලදි.

18 Mar 2020

බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.

නව කෙරෝනා හෙවත් ‘කොවිඩ් - 19’ වෛරසය ලොව පූරා පැතිරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා සහයෝගය දැක්වීමේ ජාතික වගකීමට උරදෙමින් නාවික හමුදාව 2020 මාර්තු 16 වන දින බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදි

18 Mar 2020