වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 18 වන දින මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්‍ෂක මුර සංචාරයන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රත්නදීප නෞකාව මගින් 2020 මාර්තු 18 වන දින මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදේ සිදු කල මුර සංචාරයකදී ධීවර කටයුතු වල නිරතව සිටි යාත්‍රා කිහිපයක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර, එහිදී වලංගු බලපත්‍ර නොමැතිව මසුන් අල්ලමින් සිටි යාත්‍රාවක් සහ එහි සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 19 ත් 26 ත් අතර වයසේ පසුවන මන්නාරම තාල්පාඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව සහ මසුන් ඇල්ලීම සඳහා යොදාගත් අනෙකුත් උපකරණ ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.